Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්පෝට් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට දැනුම්දීමක්

2 years ago

හදිසි අවශ්‍යතාවයක් නොමැති නම්  විදෙස් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාද කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ටිරාන් අලස් මහතා පවසා සිටියේ ඔක්තෝම්බර් මාසයේදී විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන පුද්ගලයින්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව විද්‍යුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

විවිධ හේතූන් මත නව විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය ප්‍රමාද වීම නිසා නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.