මව්බිම පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තීරණය කර ඇත.
2024 අප්‍රේල් 07 වැනි දින පළවූ ලිපියක් හරහා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බව පවසමින් ඔහු ඉකුත් අප්‍රේල් මාසයේදී කථානායකවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ.
එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන සිදුකළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද නැතහොත් සමථයකට පත්වනවාද සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් විමසා තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකිරීමට තීරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ නියෝජිතයන් ද දැනුවත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කර තිබේ.



