Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තාවන්ගේ විවාහ වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමට සැරසෙන අරාබි රට

2 years ago

ඉරාකයේ කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 18කි. අදාළ යෝජනාව සම්මත වුවහොත් කාන්තා විවාහ වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සඳහා සංවිධාන රැසකින් විරෝධය එල්ල වී ඇති බවයි.