දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිදි දෙදරු පියෙකි.
ඔහු තවත් තිදෙනෙක් සමඟ කන්ද නැගීමට යාමේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ ඔහු සිය බිරිඳටද නොකියා මිතුරන් සමඟ එක්ව මෙම ගමන පැමිණ ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


