Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

15 වනදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

2 years ago

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන දිනය වන ලබන 15 වැනිදා විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි නීති දිසාව සහ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ‘මව්රට’ට පැවැසීය.

මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක කොට ඇති බවත්, ඊට අමතරව පොලිස් කොට්ඨාස මට්ටමින් පොලිස් මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් මේ වනවිට පොලිසිවලට වාර්තා වී ඇත්තේ දහයකට අඩු සංඛ්‍යාවක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.