Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රියේ ගැටුණු තරුණයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

2 years ago

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ දීයී.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මරණකරු අවුරුදු 35ක් පමණ වන උස අඩි 06යි අඟල් 04ක් පමණ වන පුද්ගලයෙකු වන අතර ඔහු දම්පාට කොට කලිසමක් හා අළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිටි බවයි පොලිසිය පැවසුවේ.

මේවන විට මෘතදේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.