Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වතු කම්කරු වැටුප

වතුකරයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් සිදු කරන වතුක සේවක වැටුප පිළිබඳව ගත් නවතම තීරණය

2 years ago

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය අද (12) පඩි පාලක සභාවේ දී සම්මත වී තිබේ.

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් ද පවත්වා ඇතැයි වාර්තා වේ.

ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවය.

ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, සෙන්දිල් තොණ්ඩමන් මහතා සඳහන් කළේ වතු සේවකයින් සඳහා රුපියල් 1,700ක වැටුපක් යෝජනා කර ඇති බවත් එය ජනතාවගෙන් ලබාගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයට පැවරී ඇති බවයි.