Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තණමල්විල පාසල් සිසුවිය අපයෝජනය කළ සිසුන් විසි දෙදෙනාට සහ අනුබල දුන් කාන්තාවට අධිකරණයෙන් දුන් තීන්දුව

2 years ago

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

පාසල් ශිෂ්‍යයන් 22 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක තණමල්විල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබිණි.

නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර ලිංගික අපයෝජනය සිදුකිරීම,බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම,ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11) වෙනිදා මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව 39 හැවිරිදි වියේ පසුවන අතර ස්ත්‍රී දූෂණයට අනුබලදීමේ චෝදනාව යටතේ ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

සබැඳිය: ප්‍රසිද්ධ පාසලක සිසුන් 22 දෙදෙනෙකු එක්ව 16 හැවිරිදි පාසල් දැරියක්ව වසරක් තිස්සේ බිය ගන්වමින් සමූහ දූෂණයට ලක් කරලා! මානසික පීඩනය දරාගත නොහැකිව දැරිය කාමරයේ බිත්ති පුරා සටහන් තබලා! (ඡායාරූප)