Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාරක රිය අනතුරක්! තිදෙනෙක් මිය යයි!

2 years ago

කොළඹ, මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී අද (12) දහවල් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

නිට්ටබුව දෙස සිට මහනුවර දෙසට ගමන් ගත් ත්‍රීරෝද රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ත්‍රීරෝද රථයේ රියැදුරාට නින්දයාමෙන් හෝ වෙනත් අපරීක්ෂාකාරී ක්‍රියාවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද තුවාල ලැබූ අනිත් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ගය සඳහන් කළා.