පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මාතලේ ප්‍රසිද්ධ පාසලකට ගිය තරුණ ගුරුවරියකගේ මුහුණට නිරුවත් ඡායාරූපයක් බද්ධ කොට සමාජ මාධ්‍යයට මුදා හල බව කියන එම විදුහලේ 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ගුරුවරියගේ මුහුණු කොටස නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදා හැර ඇති බවට ගුරුවරිය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ මාතලේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගෙන ඇති පාසල් සිසුන් දෙදෙනා මාතලේ පරිවාස කාර්යාලය වෙත යොමු කර පරිවාස වාර්තා සමඟ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


