Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍යය තුළ හුවමාරු වන වීඩියෝවේ ඇත්ත හෙළිවෙයි! දුම්රිය සහායක දුම්රිය නතර කළේ කෑම ගන්නද ?

2 years ago

පුත්තලම – කොළඹ මාර්ගය හරහා දුම්රියක් නවතා එහි රියසහායකවරයෙකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.

රූප රාමුවලින් ජනතාව අතර වැරදි මතයක් පැතිර ගිය ද, එහි සත්‍ය කරුණ නම් අදාළ දුම්රිය නවතා තිබෙන්නේ වයික්කාල දුම්රිය ස්ථානයේ බව තහවුරු වී තිබෙනවා.

වයික්කාල දුම්රිය ස්ථානය කුඩාවීම හේතුවීම සහ එම අවස්ථාවේ නවත්වනු ලබන මගී දුම්රිය වැඩි දිගකින් යුක්තවීම හේතුවෙන් එහි එංජිම කොටස පුත්තලම කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වනු ලබන බව සදහන්.

එම අවස්ථාවේ රියසහයක විසින් දුම්රිය එංජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසැළකින් කෑම පාර්සලයක් මිලදී ගෙන යළි නැවත දුම්රිය එංජිමට ඇතුළු වෙනවාත් සමගම, යළි දුම්රිය ධාවනයවීමට ආරම්භවීමට පටන් ගන්නා ආකාරය අදාළ වීඩියෝවෙන් දැකගත හැකි වනවා.