Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්! අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම්දීමක්!

2 years ago

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.

එම නිවේදනයට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.

මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එම ප්‍රදේශවල සිටින ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.