Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප්

රජයේ සියලුම විශ්‍රාමිකයන්ට අතුරු දීමනාවක්! චක්‍රලේඛය නිකුත් කරයි!

2 years ago

රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ය.

එම චක්‍රලේඛයේ දැක්වුණේ සැප්තැම්බර් මස දීමනාව ද සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදෙන බවයි.

එම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර තිබේ.

ඒ් අනුව රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000 ක අතුරු දීමනාවක් ලබා දීමට රජය අපේක්ෂා කරයි.