Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හම්බන්තොට මහ රෝහලේ JMO අත්අඩංගුවට

2 years ago

තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ නමුත් අත්අඩංගුවට පත්වූ අධිකරණ වෛද්‍යවරයා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැරිණි.

මෙම සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 21 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර හා පරිවාස භාරයට පත් කර සිටියි.

ඉන් අනතුරුවද මෙම දැරිය සමූහ දූෂණය කිරීමේ සිද්ධියට සැක පිට තවත් සිසුන් සිව් දෙනෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම සිද්ධිය වසන්කළ බවට චෝදනා එල්ල වූ මෙම දැරිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනෙකු මීට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.