Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරීන්ට හා මනූෂට ජනපතිගෙන් ලොකු තනතුරු දෙකක්

2 years ago

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ.

මේ අනුව, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති අතර කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාර මහතාට ලබාදී තිබේ.

රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ ඊට අදාළ ලිපි පසුගිය 16 වනදා ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති බවයි.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ අමාත්‍ය ධුර අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සිදුවිය.

පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර ජනාධිපතිවරයා වෙත පවරා ගනිමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.