ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට කෝටි ගණනක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් එවක හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදු කළ බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කර තිබිණි.
ඉන් ප්‍රකාශ වී තිබුණේ අදාළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් 1,843,267,595ක පාඩුවක් සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධ විමර්ශන කටයුතු වලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චූදිතයන් 5 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
