පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම පිළිබඳව තමන් කණගාටුවට පත් නොවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවති නව ජනතා පෙරමුණේ ජාතික මහ සම්මේලනයට එක් වෙමින්.
රට තුළ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට හැකියාවක් නොපවතින බවත් එය කල් දැමීම මිනිස් අයිතිවාසිකම් උල්ලඝණය කිරීමක් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(22) තීන්දු කළේය.


