ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද පොළවල් සඳහා සාම්ප්‍රදායික ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වලින් සාදන ලද ඡන්ද පෙට්ටි පමණක් භාවිත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කුඩා, මධ්‍යම සහ විශාල වශයෙන් ප්‍රමාණ තුනකින් සාදනු ලබන කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව පිළිබඳව සලකා බලා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලබාදීමට නියමිතය.
2019 ජනාධිපතිවරණයේදී කාඩ්බෝඩ් පෙට්ටි පමණක් භාවිත කළ අතර 2020 මහ මැතිවරණයේදී ලී සහ කාඩ්බෝඩ් පෙට්ටි දෙකම භාවිත විය.


