Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිනිසා වඳවීමේ අවධානමක් පවතින බවට විද්‍යාඥයන්ගෙන් අනාවරණයක්

2 years ago

මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.

පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

එය වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් වනවා.

ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බවටයි විද්‍යාඥයින් අවධාරණය කරන්නේ.

Y වර්ණදේහ නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනු අය වනවා.