Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරු බලපත්‍රය අලුත් කරයි! සියලුම රියදුරන්ට ඊ – රියදුරු බලපත්‍රයක්!

2 years ago

ඉදිරි මාස කිහිපයේදී ප්‍රාවහන ක්ෂ්‍රේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත වෙනස්කම් පිළිබඳව පසුගියදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා විසින් සිදු කළා.

ඒ ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙසේද පැවසීය,

මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කරනු ලැබුවේ 60 දශකයේදීයි. එතැන් සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3ක් පමණ නිකුත් කර තිබෙනවා. මේ අතරින් 60 දශකයේ නිකුත් කළ රියදුරු බලපත්‍ර සඳහා කල් ඉකුත් වන දිනයක් නොමැති බැවින් එම බලපත්‍ර අලුත් කිරීමකින් තොරව භාවිතා කළ හැකිව තිබෙනවා. එබැවින් රියදුරු බලපත්‍රලාභීන් මිලියන 2කගේ පමණ‍ තොරතුරු යාවත්කාලීන වී නැහැ.

ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවාවන් ඩිජිටල්කරණය කිරීම මේ වන සිදු කෙරනවා.එසේම ඉදිරියේදී රියදුරන් සඳහා හඳුන්වා දීමට නියමිත අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීමට අදාළ කටයුතුද ඩිජිටල්කරණය කිරීමේ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. 2025 වසරේ ජනවාරි 01 වන දා සිට අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා සියලු රියදුරු බලපත්‍රහිමියින්ගේ යාවත්කාලීන තොරතුරු අවශ්‍යයයි.

ඒ අනුව මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් අප නුදුරේදීම හඳුන්වා දෙනවා. ඒ සඳහා නව වෛද්‍ය වාර්තා ලබා ගැනීමට හෝ මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණීම අවශ්‍යය වන්නේ නැහැ. නව ක්‍රමය මඟින් සියලු රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම මේ වසර අවසන් වීමට පෙර සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ හැර නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම හෝ තිබෙන රියදුරු බලපත්‍ර අවලංගු කිරී‍මක් කිසි සේත්ම සිදු වන්නේ නැහැ. ඒ සම්බන්ධව පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බව කිව යුතුයි.

ඒ වගේම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමෙන් පසු 2025 වසරේ මුල් මාස හය තුළ ඊ- රියදුරු බලපත්‍ර ( e-Driving license ) හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.