බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ලංගම රියදුරෙක් පසුගිය (24) වනදා ජීවිතක්ෂයට පත්වුණු අතර එම සිද්ධිය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඒ වයස අවුරුදු 40 ට වැඩි සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කිරීමයි.
වෛද්‍ය වාර්තා ලබා ගැනීමේදී මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබාගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


