ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් හේතුවෙන් ඇතැම් අපේක්ෂකයන්ට සිදුවන අගතීන් වැළැක්වීමේ අරමුණින් එම සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර ඇත.
මේ සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම මත විමසුම් සම්බන්ධයෙන් අධ්‍යයනයක්ද සිදු කර එම මත විමසීම් නතර කළ යුතු ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.
විද්යුත හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් නතර කිරීම පහසු වුවද සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් පාලනය කිරීමට පහසු කටයුත්තක් නොවන බව එම ප්‍රකාශකයා පැවසීය.


