Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මවට ලිපියක් ලියා නිදි යහනට ගිය පාසල් සිසුවිය අභිරහස් ලෙස මරුට! මරණයට හේතුවක් අනාවරණය නොවෙයි!

2 years ago

මොනරාගල, වැදිකුඹුර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් පසුගියදා (24) මවට ලිපියක් ලියා නිදි යහනේම මියගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මොනරාගල වැදිකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි වීරසිංහ කංකානම්ලාගේ මෝක්ෂා සෙව්වන්දි (18) නමැති සිසුවියක්.

ඇයගේ පියා මීට වසර හතරකට පමණ ඉහතදී වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇති බව පැවසේ.

ඇය මව සහ සොහොයුරා සමග නිවසේ පදිංචිව සිට ඇති අතර, පසුගිය 24 උදෑසන මව උක්ගස් කැපීම සඳහා ද සොහොයුරා උපකාරක පන්තියකට ද නිවසෙන් පිටව ගොස් තිබෙනවා.

පස්වරු තුනට පමණ සොහොයුරා පැමිණ බලන විට ඇය නිදි යහනේ මියගොස් සිටිනු දැක තිබෙනවා.

ඇය විසින් ලියන ලද ලිපියේ “අම්මා අපි නිසා දුක්විඳිනවා. ඒ ගැන මට කනගාටුයි” කියා සඳහන් කර ඇතැයි පැවසේ.

ආර්ථික දුෂ්කරතා නිසා ඉගෙනගැනීමට පවා ඇයට ගැටලු තිබී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඇයගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (25) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වා තිබෙනවා.

එමෙන්ම ඇයගේ මරණය සම්බන්ධයෙන් හේතුව අනාවරණය නොවන බව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේ සඳහන් බවයි වාර්තා වෙන්නේ.

ඇයගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමුකර තිබෙනවා.