සමගි ජන සන්ධානය සංවිධානයක් කරනු ලබන ජනාධිපතිවරණ රැළි මාලාවේ තවත් එක් ජනරැළියක් අද(26) සේරුවිලදී පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂනායක, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ තම රජයක් යටතේ අඩු ආදායම්ලාභීන්ට රුපියල් විසි දහසක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂනායකවරයා,
“පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය හා අපනයනය යන කරුණු කේන්ද්‍ර කර ගත් දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් හරහා මසකට රුපියල් 20,000ක ප්රතිපාදනයක් ලබා දෙමින් මාස 24ක් ඇතුළත දුප්පත්කම තුරන් කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අමනෝඥ සටකපට කාර්යක්ෂම නොවන රාජ්‍ය ප්රතිපත්තීන් නිසා ජනතාව දුප්පත්කමට වැටුණත් එය සදාකාලික නොවිය යුතුයි. කාටවත් අත නොපා ශක්තිමත් ජන ජීවිතයක් ගත කරන අප රටේ ජනතාව දුප්පත්කම කියන වහල්භාවයෙන් මුදවා ගන්නවා.” යනුවෙන් පැවසීය.


