Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදේශ ගමන් බලපත්‍ර(passport) නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

2 years ago

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේවනවිට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන්ත බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.

මේ අතර, ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ඇණවුම් කර ඇති බවත් එම තොගය ඔක්තෝම්බර් මස අගදී ලැබීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

අන්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.