දැනට පවතින ජාතික හැඳුනුම්පත ඉදිරියේදී තවදුරටත් පුළුල් දත්ත පද්ධතියක් ලෙස නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව නව ජාතික හැඳුනුම්පත සඳහා නම ලිපිනයට අමතරව ඇගිලි සළකුණු/ මුහුණු හා අක්ෂි හදුනාගැන්ම හා ජෛවමිතික දත්ත ඇසුරෙන් නව ආරක්ෂිත අංගද එක් කිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම යාවත්කාලීන කිරීමත් සමඟ ඉදිරියේදී හැඳුනුම්පත තුළින් පුද්ගලයකුගේ උපතේ සිට සියලු තොරතුරු ජාතික තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සිදු කෙරෙනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා මෙහිදී කියා සිටියේ නව ජාතික දත්ත පද්ධතිය ඩිජිටල් ආර්ථිකය සදහා මෙන්ම ආනයන අපනයන ඇතුළු වෙළෙද හා වාණිජ ක්ෂේත්‍ර කෙරෙහිද දායක වන බවයි.


