Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත වගකීම් වලින් ඉවත් වෙයි

2 years ago

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතන හතරේම වගකීම් වලින් ඊයේ (26) ඉවත් වී තිබේ.

මේ බව රාජ්‍ය ඇමැතිවරයා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දට දැනුම් දී ඇත.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත යටතේ ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී ආයතනය පාලනය විණි.

ලංකා ධීවර සංස්ථාවේ සභාපති තුෂාර ලොකුකුමාර සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවීම රාජ්‍ය ඇමැතිවරයා වගකීම්වලින් ඉවත් වීමට තුඩුදුන් ආසන්නම හේතුව වී ඇතැයි එම සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගෙන් කළ විමසීමකදී කියා සිටියේ, තමන් රාජ්‍ය ඇමැති ධුරයේ තවදුරටත් කටයුතු කරන බවය.

තමන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා හා එක්ව ධීවර ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරන බවත් තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතුන් කිහිපයක් මත මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.