Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණයට අදාළ රක්ෂිත පැකට්ටු බෙදා හැරීම ඇරඹෙයි

2 years ago

මෙවර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු 712,128ක්, ඒ ඒ සහතික කිරීමේ නිලධාරියාට හෝ නම් කළ නිලධාරීන් වෙත බෙදා හැරීම අද (27) දින ආරම්භ කළ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ ඊයේ(26) දිනයේ රක්ෂිත පැකට්ටු සියල්ල තැපැල් දෙපාර්තමේන්තුව භාරයට ගත් බවයි.

ඒ අනුව එම සියල්ල ලබන 30වනදාට පෙර අදාළ ලිපින වෙත නම් කළ නිලධාරියාට බාර දී අවසන් කරන බවද සඳහන් කළා.

ජනාධිපතිවරණ රාජකාරි සිදු කරන තැපැල් කාර්යාලය සදහා 22,000ක් වූ සියලු තැපැල් සේවකයන්ගෙන් සැදුම්ලත් තැපැල් ජාලය සුදානම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.