ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය (International Federation of Body Building ) (I.F.B.B.) විසින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනනය(Diamond Cup – Lebanon ) ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ හර්ෂ් ඩී පීරිස් ඊයේ(26) දිවයිනට පැමිණියේය.
ඔහු එම තරගාවලියේදී සෙන්ටි මීටර් 175 (Fit Model)ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් , සෙන්ටි මීටර් 173 ( Mens Physique ) ඉසව්වෙන් දෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් වූයේ එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි.
මෙම ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලිය ඉකුත් 08/23 සිට 08/24 දින දක්වා ලෝකයේ රටවල් 25 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ලෙබනනයේ බේරූට් නුවර පවත්වා තිබුණි.
ඔහුව පිළිගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පවුලේ පිරිස් හා කායවර්ධන ක්‍රීඩකයන් පිරිසක් රැස්ව සිටියහ.


