Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෙස්ලින් පිටියේ සිටි ප්‍රබල චරිතයක් ජීවිතක්ෂයට පත්වෙයි

2 years ago

හිටපු කීර්තිමත් WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දීර්ඝ කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳි Sid Eudy මියයන විට 64 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.

Sid Eudy රෙස්ලින් පිටිය තුළ සිටි බලගතු සහ බිහිසුණු තරගකරුවෙක් ලෙස ප්‍රකට චරිතයක්.

1960 වසරේ එක්සත් ජනපදයේ ආකැන්සාස්හි උපත ලද Sid Eudy මල්ලව පොර පිටියට පිවිසියේ 1989 දී ලෝක ශූරතා මල්ලව පොර (WCW) තරඟාවලියට සම්බන්ධ වීමෙන්.

ඔහුගේ පුත්‍රයා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සිය පියාගේ අභාවය පිළිබඳ දැනුම් දී තිබුණා.