නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වටලා තිබේ.
මේ වන විට සබරගමු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව උග්‍ර වී ඇති බවටයි සිසුන් චෝදනා කරන්නේ.
එම ගැටළුවට වහාම විසදුම් ලබා දෙන ලෙසට රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බල කිරීමට අද දහවල් පැවති උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
තම ගැටලුව සඳහා කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් මීට වැඩිය දැඩි පියවර ගන්නා බවයි ශිෂ්‍ය සංගම් සඳහන් කළේ.
පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්වුණු බව වාර්තා වේ.


