Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවතට

2 years ago

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා හා එංගලන්ත කණ්ඩායම මේ වනවිට නම් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකර ඇත.

ඒ කුසල් මෙන්ඩිස් හා විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට පැතුම් නිස්සංක හා ලහිරු කුමාර සංචිතයට කැඳවීමෙනි.

මේ අතර හෙට තරගයට ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායමෙහිද එක් වෙනස්කමක් සිදුකර තිබෙනවා.

ඒ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවට ඔලී ස්ටෝන් කැඳවීමෙනි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය අතරතුරදී මාක් වුඩ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට මෙම තරගාවලියේ ඉතිරි තරග අහිමි විය.

බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඔලී පෝප් (නායක), ජෝ රූට්, හැරී බ්රූක්, ජැමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කිංසන්, මැතිව් පෝට්ස්, ඔලී ස්ටෝන්, ෂොයිබ් බෂීර්