ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බවට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය ජූලි මස 08 වැනි දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ඝාතනයට ලක්ව තිබුණි.
අදාළ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත සහ නයන වාසල නම් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
මේ අතර එම ඝාතනයට පැමිණි දෙවැනි වෙඩික්කරුවා සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ බවට සැළකෙන රියදුරාව ඊයේ (28) පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වූ පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


