ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ නිවසක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්.
සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඔහු පවසන්නේ පවතින නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පදිංචි දේපළක් හිමි අනුර කුමාරට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස යෝජනා ක්රමයේ නිවසක් ලබාගෙන ඇති බවයි.
“නියමිත ක්‍රියාපටිපාටිය අනුව මාදිවෙල නිවාස යෝජනා ක්‍රමයෙන් මන්ත්‍රීවරයකුට නිවසක් ලබාදෙන්නේ නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 25ක් ඇතුළත නේවාසික දේපළක් නොතිබිය යුතුයි. නමුත් කඩවත ප්‍රදේශයේ නිවස පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 25කටත් අඩු දුරකින්” යනුවෙන් තන්ත්‍රිගේ චෝදනා කරයි.
ඒ නිසා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඔහු කොමිසමින් ඉල්ලා සිටියි.
අල්ලස් කොමිසම විසින් නිකුත් කර ඇති ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් ප්‍රකාශවලට අනුව කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි දේපළ අනුර කුමාර දිසානායකගේ නමින් මිලදී ගෙන ඇත.


