Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්කුඩු තිත්පොළක සිටි පොලිසියේ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

2 years ago

මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරි නියුතු කොස්තාපල්වරුන් තිදෙනෙකි.

සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැදී සිටින බවට උසස් පොලිස් නිළධාරියෙක්ට ලද තොරතුරක් මත එම ස්ථානය වැටලීම සිදුකර තිබෙනවා.

වැලිපැන්න පොලිසියේ රාත්‍රි ජංගම සංචාරයේ නිරත නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් නිළධාරීන් එම ස්ථානයේ රැඳී සිටියේ කුමන අරමුණකින්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.