බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු තම සමුගැනීම නිවේදනය කර තිබේ.
2012 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පිවිසි ඔහු වසර 12කට ආසන්න කාලයක් කොදෙව් කණ්ඩායම නියෝජනය කළේය.
එහිදී ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් සහ එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට ද ඔහු සමත් විය.
විස්සයි 20 අන්තර්ජාතික තරග ද්විත්වයකටද ක්‍රීඩා කර ඇති ගේබ්‍රියෙල් මේ වන විට 36 වන වියේ පසු වෙයි.


