සිය කුඹුර රැක ගැනීමට පැළක සිටි විවාහක සිව්දරු (74) වියේ පසු වූ මවක වන අලි ප්‍රහාරයකට ලක්ව අද (29) මියගොස් තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව පොරතු කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
එය තනිවම නිවසේ වාසය කරන්නියක් වන අතර ඇගේ දරුවන් සියලු දෙනාම ගමින් පිට රැකියාවල නිරත වන බව සඳහන්ය.
ඇගේ නිවසේ සිට මීටර් පන්සියයක් පමණ දුරින් පිහිටි ඇගේ කුඹුරේ අස්වැන්න නෙලා එය පාගාගෙන ගෙට රැගෙන යන තෙක් පැල් රැකීමට ගොස් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.


