සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලෝඩ්ස්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 427කට සීමා වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලකා කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 427ක්.
එහි දී ජෝ රූට් ලකුණු 143ක් සහ ගට් ඇට්කිංසන් ලකුණු 118ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු දවාගත් කඩුලු සංඛ්‍යාව 05ක්.
මේ අතර ඔහු ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ගෞරව පුවරුවේ සිය නම සටහන් කිරීමටයි සමත් වුණේ.
එම පිටියේ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගවල දී කඩුලු පහක්, දහයක් දවාගන්න පන්දු යවන්නන් හට එම අවස්ථාව උදාවනවා.
එමෙන් ම එම තරගාවලි දී ශතක රැස්කරන ක්‍රීඩකයන්ගේ නම් ද ඊට ඇතුළත් කරනවා.


