Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එංගලන්තයේ අධිවේගී පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

2 years ago

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කළේය.

එංගලන්ත ඉනිමේ අවසාන කඩුල්ල ලෙස ඔලී ස්ටෝන් ලකුණු 15කට දැවී ගියේය. 

ඔහුගේ කඩුල්ල හිමිකර ගත්තේ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු විසිනි.

ඒ අනුව මෙම ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

ඊයේ (29) දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 358ක් රැස්කර තිබුණි.

අද ඔවුන් තවත් ලකුණු 69ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 143ක් රැස්කළ අතර ගස් ඇට්කින්සන් ලකුණු 108යි.

තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 129 රැස් කර සිටියේය.

පිටියේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 23ක් රැස් කළේය.