Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපකාරක පන්ති සිදු කරන ගුරුවරුන් මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනාවක්

2 years ago

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

කොළඹ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්,ඔහු මේ බව කියා සිටියා.

උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ දින වල සමීක්ෂණ පවත්වන බව ඔහු කියා සිටියා.

එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,482 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.