රුපියල් කෝටි 11කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මැලේසියානු ජාතික කාන්තාවක් බෙල්ලන්විල හෝටලේකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.
24 හැවරිදි සැකකාරිය සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 3 ගෑම් 610 ක් මෙහි දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සොයා ගෙන තිබෙනවා.
මෙය මෑත කාලයේදී මෙරටින් සොයාගත් විශාලම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය බව පොලිසිය පවසනවා.
සැකකාරිය ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කරන බව වාර්තා වනවා.


