Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තමන් ජනපති වූ සැණින් ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බවට JRගෙන් පොරොන්දුවක්

2 years ago

තමන් ජනාධිපතිවරයා ලෙසට පත් වූවහොත් ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරන බව එක්සත් ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනක රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (30) දින අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එම සංස්ථාව විසින් තෙල් ආනයනය කිරීමේදී, මිලදී ගැනීමේදී හා ප්‍රවාහනය ඇතුළු අංශ කිහිපයක රුපියල් බිලියන 36ක වංචාවක් සිදු වී ඇති බව ද ජනක රත්නායක මහතා එහි දී පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් ද අනාවර වී ඇති බවයි ජනක රත්නායක මහතා අවධාරණය කළේ.

තමන් ජනාධිපතිවරයා ලෙසට පත්වූවහොත් පළමු මාසය ඇතුළත ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරන බවයි, ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.