Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය දින 4කට සීමා කෙරේ

2 years ago

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද (31) සිට ලබන මස 03 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර එම දේවාලය ආසන්නව ගාල්ල කොළඹ මාර්ගයේ, වීථි සංචාරය කෙරෙන අතර, පෙරහැර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ අනුව අද (31) දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාත්, හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වාත් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

එමෙන්ම ලබන 02 වනදා පස්වරු 06.00 සිට 03 වනදා අලුයම 04.00 දක්වාත්, 03 වනදා පස්වරු 06.00 සිට 04 වනදා අලුයම 04.00 දක්වාත් එම මාර්ගයේ වාහන ධාවනය සීමාකරන බවයි පොලිසිය පැවසුවේ.

එම කාල සීමා තුළ ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙන වාහන එක් මංතීරුවක ගමන් කරවීමටත් කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන වාහන (බර වාහන හැර ) විකල්ප මාර්ගයක් ලෙස මීටියාගොඩ පොලිස් වසමේ කහව හංදියෙන් හරවා මීටියාගොඩ, කිරලගහවෙල හංදියෙන් වමට හරවා අලුත්වල, පරණ හංදිය හරහා කුමාරකන්ද හංදිය ඔස්සේ ගාලු පාරට ගමන් කරවීමට කටයුතු යොදා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.