ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ඔලි- ම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ක්‍රීඩා පුහුණු හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා අද (31) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
ඇය ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔරලෙන්ස්හි පිහිටි තුලේන් විශ්වවිද්‍යාලයට ලබන සතියේ ඇතුළත් වන අතර, ඒ සඳහා තරුෂිට වසර 4ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබී තිබෙනවා.
තුලේන් විශ්වවිද්‍යාලය සතුව තුලේන් ග්‍රීන් වේව් නමින් මලල ක්‍රීඩා කණ්ඩායමක් ඇති අතර, තරුෂි ඉදිරියේදී එම කණ්ඩායම නියෝජනය කරනු ඇති.
තරුෂිට විශ්වවිද්‍යාල කිහිපයකින්ම ශිෂ්‍යත්ව ලැබී ඇති අතර, ඇය තෝරාගෙන ඇත්තේ ක්‍රීඩාව හා අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි විශ්වවිද්‍යාලයක්.
මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරු- ණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම- කොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු 2:06.66 ක කාලයක් වාර්තා කළා.


