Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එංගලන්ත දෙවෙනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වෙයි! ලංකාවට ප්‍රබල ඉලක්කයක්!

2 years ago

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

මෙම තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගත්තේය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින්  සිය දෙවන ඉනිම ඇරඹු එංගලන්තය අද දිනය අරඹන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියේය.

එංගලන්ත දෙවන ඉනිමේ නැංගුරම බවට පත් වූ ජෝ රූට් ශතකයක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ඔහු ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ රැස්කර ගෙන ඇති ශතක සංඛ්‍යාව 07ක්.

එමෙන් ම එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ශතකලාභියා ලෙසයි රූට් අද වාර්තා පොත් අතරට එක් වුණේ.

ඔහු පන්දු 111ක දී ලකුණු 100ක් ලබා ගත් අතර එයි ජෝ රූට්ගේ වේගවත් ශතකය වීමත් විශේෂත්වයක්.