යාපනයේ වඩුකෝඩෙයි පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු පොලීසිය තුළම මියගොස් ඊයේ(31) බිම වැටී තිබෙනවා.
හදිසියේ එක්වරම බිම ඇද වැටුණු එම නිලධාරියාගේ කටෙන් රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති බව සඳහන්.
අනෙකුත් පොලිස් නිළධාරීන් විසින් කඩිනමින් ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල භාරතී පාරේ පදිංචි වඩුකෝඩෙයි පොලීසියේ සේවය කළ 26 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.
මෙම පොලිස් නිළධාරියා හෘදයාබාධයක් වැළදීමෙන් මිය යන්නට ඇති බවටයි සැක කරන්නේ.
ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කොට ඇති අතර වඩුක්කෝඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.


