Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අපේක්ෂකයින්ගේ විවාදයේදී අපේක්ෂකයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න යොමු කිරීමට ඔබටත් අවස්ථාවක්

2 years ago

2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමු කල හැකි කාලය හෙට (02) අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

එම සංවිධානය නිවේදනය කළේ මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත බවය.

එහි පළමු අදියර එළඹෙන 07 වනදා පැවැත්වෙනු ඇති අතර දෙවන අදියර 8 වනදාද තෙවන අදියර 09 වනදාද පැවැත්වීමට නියමිත අතර ජනාධිපති ධුර අපේක්ෂකයින් බොහෝ දෙනෙකු මීට සහභාගී වීමට නියමිතය.

එම විවාදයේදී ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමු කිරීමට මහජනතාවටද අවස්ථාව ලබාදී ඇති අතර එලෙස ප්‍රශ්න යොමු කරන ප්‍රශ්න බාරගැනීම හෙට (02) දිනයෙන් අවසන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙනවා.