Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සනත්ව අභිබවා යමින් දිමුත් කරුණාරත්න තැබූ වාර්තාව

2 years ago

ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ක්‍රීඩකයින්ගෙන් සිව් වැනියා වීමට දිමුත් කරුණාරත්න අද (01) සමත් වුණා.

ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු ඔහු ලකුණු 55ක් රැස්කරගැනීමත් සමඟයි.

ඒ අනුව දිමුත් කරුණාරත්න මේ දක්වා ලබාගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6990ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කරගෙන ඇත්තේ, කුමාර සංගක්කාරයි.

එහි දී ඔහු ලකුණු 12,400ක් ලබාගෙන තිබෙනවා.

දෙවන ස්ථානයේ පසුවන මහේල ජයවර්ධන ලකුණු 11,814ක් ද තෙවන ස්ථානයේ පසුවන ඇන්ජලෝ මැතිව්ස් ලකුනු 7,727ක් ද ලබා සිටිනවා.

ලකුණු 6,973ක් ලබා සිටින සනත් ජයසූරිය එහි පස්වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයක්.