මෙවර පැරාලිම්පික් තරගාවලියේ පිරිමි රෝද පුටු ටෙනිස් ඉසව්වේ දෙවන තරගය අද (01) පැවැත්වෙනවා.
එම තරගයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක සුරේෂ් ධර්මසේන සමඟ බ්‍රිතාන්‍යයේ ගෝඩ්න් රෙයිඩ් තරග වැදීමට නියමිතයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වනවා.
මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දික ගමගේ ටී 44 කාණ්ඩයේ පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරගයට එක්වීමට නියමිතයි.
ඒ මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.07යි.


