Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උප්පැන්නය ගන්න මරණ සහතික අයැදුම්පත පුරවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2 years ago

රජයෙන් ලබාදෙන ආකෘති පත්‍රවල හිගයක් නිසා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ පැමිණෙන ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වනවා.

නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමේදී අවශ්‍ය ආකෘති පත්‍ර හිගය නිසා මේ තත්ත්වය උද්ගතව තිබෙනවා.

ඒ සඳහා පැමිණෙන ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමටයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සිදුව ඇත්තේ.

මේ හේතුවෙන් එම කාර්යමණ්ඩලයේ පිරිස් මෙන්ම මහ ජනතාවද දැඩි අපහසුතාවකට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ තත්ත්වය මාසයක පමණ සිට පවතින බවද එහි සේවක පිරිස පවසනවා.

මේ අයුරින් උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් වෙනුවට මරණ සහතික අයදුම්පත ලබා දෙන වැඩ පිළිවෙල නිසා භාෂාව නොදන්නා පිරිස දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි පැවසෙනවා.

අයදුම් පත්‍රයේ සිංහල භාෂාවෙන් ඇති ‘මරණ ” යන වචනය කපා එයට උඩින් ඉංග්‍රීසි භාෂාවෙන් “BIRTH” යනුවෙන් ලියා මහජනතාවට දීමට ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරන බවයි එහි ගිය පිරිස් පවසන්නේ.